නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර අධ්‍යාපන කොට්ඨාශයට අයත් බ/පුහුල්වත්ත ආදර්ශ විද්‍යාලය පසුගිය වසර කිහිපය තුළ පස්සර කලාපය තුළ පමණත් නොව ඌව පළාත තුළ ඉතා වේගයෙන් සංවර්ධනය කරා යන පාසලක් බවට පත්ව ඇත. සිසුන් 325 කට ආසන්න සිසුන් සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන අප පාසල පසුගිය වසර කිහිපය තුළ අධ්‍යාපනික මෙන්ම විශය සමාගාමී ක්‍රියාකාරකම් අතින් විශාල ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට අප සිසු දරුදැරියන් සමත් විය.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල, අ. පො. ස සාමාන්‍ය ප්‍රතිඵල වලින් 98% කට වඩා සදත් ප්‍රතිශතයක් ලබා ගැනීමට අප පාසලට හැකියාව ලැබුණි. එමෙන්ම ක්‍රිඩා, සෞන්දර්ය ආදි අංශ වලින් ද විශාල ජයග්රහන ලබා ගැනීමට හකියාව ලැබුනි.
එමෙන්ම පසුගිය වසර කිහිපය තුළ විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශයද කැපී පෙනෙන වර්ධනයක් ලබා ආති අතර 2019 වසරේ අප විද්‍යාලයට ලැප්ටොප් පරිගණක 11 කින් යුත් නවීන පරිගණක විද්‍යාගාරයක් ද ලැබුණි. තව දුරටත් තොරතුරු තාක්ෂණ අංශයෙන් අප පාසල වෙනුවෙන් නිරමාණය කරන ලද මෙම වෙබ් අඩවිය ද අප පාසලේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට මහත් රුකුලක් වනු ඇතැයි මා විශ්වාස කරමි.
ස්තූතියි,
නි.විදුහල්පති
බ/පුහුල්වත්ත ආදර්ශ විද්‍යාලය




