අප ආ ගමන් මග කෙටියෙන්......
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර කලාපයේ 88J පුහුල්වත්ත වසමට අයත් බ/පුහුල්වත්ත කණිටු විදුහල මාවුස්සාගොල්ල යන ලිපිනය නමින් 1978 මාර්තු 15 වන දින සිසුන් 22 කින් යුත් ගුරුභවතුන් සමන්විතව මෙම පාසල ආරම්භ විය.ආරම්භක විදුහල්පතිවරයා ලෙස ජේ.ආර්.ටී. බණ්ඩා මහතා වැඩභාර ගන්නා ලදි. පාසලේ ආදර්ශ පාඨය වන්නේ "ගුණස්යාභරණං ඥානං"ය.ආරම්භයේ සිට පාසලේ විදුහල්පතිවරු ලෙස කටයුතු කළේ W.M.සෝමලතා මිය,R.H.P. මැදවෙල මහතා,K.D.K. පෙරේරා මහතා, W.G.පුංචි බණ්ඩා මහතා, W.A.ප්‍රේමදාස මහතා, D.M. ජයසුන්දර මහතා සහ 2013.04.23. සිට මේ දක්වා පාසලේ නියමුවා වශයෙන් කටයුතු කරන A.D. විමලසිරි මහතා වර්තමානයේ පාසලේ ජයග්‍රහණ විජයග්රහණ බවට පත් කිරීමට කටයුතු කරමින් පවතී.




