තුමුණු නමුණුකුල සිරි නරඹන්නී
සිසිලස මද නල ලැබ සැනසෙන්නී
අඹරෙහි දිදුළන පුන්සඳ වැන්නී
පෙම්බර මගේ විදුහල් මෑණී....//
මෙත් කරුණා හද තුරුලට ගන්නී
සිප්සත දී නැණ ගුණ වඩවන්නී
දිගත පතල දෙනයන පාදන්නී
පෙම්බර මගේ විදුහල් මෑණී....//
දැයට එළිය දෙන මිණි පහනක්සේ
දිගත පතල කිතු පැසසුම් මැද්දේ
සැරදේ .... සැරදේ .... සැරදේ ....
පුහුල්වත්ත විදුහල් මෑණී......//




