1978 .03.15වන දින පුහුල්වත්ත කනිෂ්ඨ විද්‍යාලය නමින් ඇරඹි අප පාසල ආර්.එම්. පුංචි බණ්ඩා විදුහල්පතිතුමාගේ මැදිහත් වීමෙන් හා පුහුල්වත්ත ග්‍රාමයේ ගම්වාසින්ගේ මැදිහත් වීමෙන් 1හා 2 ශ්‍රේණි පමණක් ආරම්භ කරන ලදී.චාම් උත්සවයකින් අනතුරුව ඇරඹි පාසල විදුහල්පතිතුමා පමණක් ගුරුවරවරයෙකු වශයෙන් ද කටයුතු කරන ලදී. තව ද ආරම්භයේ දී පාසල සතුව එක් ගොඩනැගිල්ලක් හා බාලාංශ පුටු 20ක් මේස 40ක් හා ගුරු මේස 1ක් හා ගුරු පුටු 1ක් පැවතිණි.




